මෙරට කිරි ගොවීන් මුහුණ දෙන ගැටලුවලට සහනයක් සලසමින් ප්‍රධාන සත්ත්ව රෝග 3ක් මර්දනය කිරීම සඳහා අවශ්‍ය එන්නත් නොමිලේ ලබාදීමට කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව, කිරි ගවයින් අතර බහුලව ව්‍යාප්ත වන පහත සඳහන් රෝග සඳහා මෙම එන්නත් නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත:
- චර්ම ගැට රෝගය (Lumpy Skin Disease)
- ඛුර සහ මුඛ රෝගය (Foot-and-Mouth Disease)
- කළු ලප රෝගය (Black Quarter / BQ)
පශු වෛද්‍ය කාර්යාල මට්ටමින් මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් සත්ත්ව නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමටත්, ගොවීන්ගේ ආර්ථික පාඩුව අවම කිරීමටත් අපේක්ෂා කෙරේ.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





