2022 වසරේ සිට මේ දක්වා දුම්වැටි මත පනවන ලද බදු සංශෝධනවල බලපෑම හේතුවෙන්, 2025 වසර වන විට මෙරට දුම්වැටි නිෂ්පාදනය 32%කින් පහත වැටී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි.
2022 වසරේදී බිලියන 2.8ක් ලෙස පැවති දුම්වැටි නිෂ්පාදනය බදු ප්‍රතිපත්ති හේතුවෙන් 2025 වසර වන විට බිලියන 1.9 දක්වා අඩු වී ඇති අතර, රජයේ ආදායම වැඩිකර ගැනීමට අමතරව දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය වියදම් හා සමාජ-ආර්ථික හානි පාලනය කිරීම මෙහි මූලික අරමුණ බව පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් විය.
2023 වසරේ සිට නිෂ්පාදන බදු අවස්ථා 04කදී ඉහළ නංවා ඇති අතර, එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වාත්, ආයතනික ආදායම් බද්ද 40% සිට 45% දක්වාත් සංශෝධනය කර තිබේ.




