දිවයිනේ සෑම බන්ධනාගාරයක් සඳහාම හදිසි අවස්ථාවකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට සහ රැඳවියන්ගේ ගැටලු සාකච්ඡා කර විසඳීමට හැකි ඒකාබද්ධ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාර නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, ජල සම්පාදන හා විදුලිබල මණ්ඩල නිලධාරීන්, සෞඛ්‍ය අංශ සහ ගිනි නිවන ඒකක ඇතුළු අදාළ සියලු අංශ ඒකාබද්ධ කරමින් මෙම කමිටු පිහිටුවන බව මෙහිදී සඳහන් කෙරිණි.

රැඳවියන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ සුබසාධනය තහවුරු කිරීමත්, බන්ධනාගාර තුළ පවතින ජල පහසුකම් මෙන්ම නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් පිළිබඳ ගැටලු විසඳීමත් මෙහි ප්‍රධාන අරමුණයි.

කිසියම් ගැටලුවක් ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන වැළැක්වීමේ පියවරක් ලෙස අවම වශයෙන් මසකට වරක්වත් මෙම ඒකාබද්ධ කමිටුව රැස්වීමට තීරණය කර ඇති අතර, ගාල්ල, මාතර ඇතුළු සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>