සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නිල ඇඳුම් හිමි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට හිමිවන නිල ඇඳුම් දීමනාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.

ඒ අනුව, වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් ඇතුළු පාර්ශ්වයන්ට මෙම නිල ඇඳුම් දීමනාව අදාළ නොවන අතර, නිල ඇඳුම් හිමි හෙද, මහජන සෞඛ්‍ය හා කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා මෙම දීමනාව හිමිවේ.

2025 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ නිල ඇඳුම් දීමනාව පහත පරිදි ලබාදීමට පියවර ගෙන ඇත:

  • හෙද නිලධාරීන්: රුපියල් 30,000/-
  • මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් (PHI): රුපියල් 30,000/-
  • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්: රුපියල් 28,000/-
  • මැලේරියා/බරවා මර්දන සහයකයින්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්, කීට විද්‍යා සහකාර සහ පාසල් දන්ත චිකිත්සකයින්: රුපියල් 20,600/-
  • කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය : රුපියල් 18,600/-

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>