ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගතය පිළිබඳව මේ වනවිට නිශ්චිත මතයක් ප්‍රකාශ කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
එසේම ඔහු පැවසූයේ පසුගියදා මහානාහිමිවරුන් බැහැදැක සිදු කළ සාකච්ඡාවේදී, අධිකරණ සංශෝධන සම්බන්ධයෙන් උන්වහන්සේලා වෙත නිවැරදි තොරතුරු සම්පූර්ණයෙන් ලැබී නොතිබූ වගය.
මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් විශ්‍රාම වයස ඉහළ නැංවීමක් ලෙස උන්වහන්සේලා අවබෝධ කරගෙන සිටි බවත්, එනමුත් එය සියලු විනිසුරුවරුන් සම්බන්ධයෙන් සිදුකරන සංශෝධනයක් බව පැහැදිලි කළ බවත් පැවසීය.
එසේම අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස මෙම සංශෝධනය සිදුකරන බවද ඔහු අවධාරණය කළේය.
වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු මත මහානාහිමිවරුන්ට මතයක් ඇතිවී තිබිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





