සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා මෙම වසරේ මධ්‍යම රජයෙන් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව, විවිධ සේවා සමුපකාර සමිති සඳහා වී වේලන යන්ත්‍ර ලබාදීමට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති අතර, ගබඩා සහ වී මෝල් පවතින සමුපකාර සමිති සඳහා එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මීට අමතරව, නිෂ්පාදන සමුපකාර සමිති සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර ඇති අතර, නිෂ්පාදන කටයුතුවල නිරත පිරිස් සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාදීමට එම මුදල් යොදාගැනීමට නියමිත බවත්,
මධ්‍යම හා පළාත් සමුපකාර අරමුදල් යොදා ගනිමින් මෙගා සහ මිනි කෝප් සිටි පිහිටුවීමටද සැලසුම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
සමුපකාර ක්ෂේත්රය සඳහා අවශ්‍ය නීති හා බැංකු පනතක් සකස් කිරීමටද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





