මෙරට වැඩිම කෙසෙල් වගා කෙරෙන කලාපයක් වන වයඹ කලාපයේ කෙසෙල් ගොවීන් මුහුණ දෙන ගැටලු විසඳීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසෙල් සඳහා පවතින වෙළඳපොළ ගැටලු හේතුවෙන් ගොවීන් දිගු කලක් තිස්සේ දුෂ්කරතාවලට මුහුණ දී ඇති බවත්, මීට පෙර එම ගැටලුවලට නිසි විසඳුම් ලබාදීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට මොරකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කෙසෙල් අපනයන සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය. එමඟින් කෙසෙල් ගොවීන්ට වැඩි ආර්ථික වටිනාකමක් ලබාදීමට හැකි වනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කෙසෙල් කඳන් ඉවත් කිරීමේ ගැටලුවට විසඳුමක් ලෙස ඒවාටද ආර්ථික වටිනාකමක් එක් කළ හැකි ව්‍යාපෘති හඳුනාගෙන කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

අනෙකුත් පලතුරු සඳහාද අගය එකතු කිරීම, වෙළඳපොළ සුරක්ෂිත කිරීම සහ නාස්තිය අවම කිරීම අරමුණු කරගත් වැඩසටහන් සැලසුම් කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>