ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීප සබඳතා පවත්වන බවට සහ සාකච්ඡා පවත්වන බවට දැක්වෙන තොරතුරු හා සාක්ෂි සම්බන්ධයෙන් දැඩි කතිකාවක් මතුව තිබේ.
නීතිඥ සංගමය විසින් ගනු ලබන ඇතැම් තීරණ සහ ප්‍රකාශයන් ස්වාධීන මතයන් නොව දේශපාලන න්‍යායපත්‍රයන්ට අනුව සිදුවන්නක් බවත්, ඉහළ පෙළේ දේශපාලනඥයන් සමඟ පවතින සමීප සබඳතා ඊට බලපා ඇති බවත් මෙහිදී සාක්ෂි සහිතව පෙන්වා දෙනු ලබයි.
අධිකරණ පද්ධතියේ සහ නීති ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින වෘත්තීය ආයතනයක නායකත්වය මෙලෙස දේශපාලන කඳවුරු සමඟ එක්ව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍යයට සහ විශ්වාසනීයත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>




