ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින බව කියන සමීප දේශපාලන සබඳතා සහ විපක්ෂයේ දේශපාලන හැසිරීම් පිළිබඳව නිලුක්ෂ මහතා දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

නීතිඥ සංගමයේ ඇතැම් ක්‍රියාමාර්ග ස්වාධීන නොවන බවත්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන දේශපාලන නායකයින්ගේ න්‍යායපත්‍රයන්ට අනුව අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ සහ දූෂණ විරෝධී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට රූකඩ නැටවීමක් සිදු කරන බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ සහ මහා පරිමාණ වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම දේශපාලන කඳවුරු සියල්ල එකම තැනක සිට කටයුතු කරන බවද, නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ස්ථාපිත කිරීමට එරෙහිව ගෙන යන මෙවැනි ප්‍රයත්නයන් ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතු බවද වැඩිදුරටත් අවධාරණය විය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>