බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදෙන රෝගී සත්කාරක සේවා තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රෝහල් පහක් සඳහා නව ගිලන් රථ සහ අතිනවීන වෛද්‍ය උපකරණ රජය විසින් ප්‍රදානය කරන ලදී.
මෙම වැඩසටහන පසුගිය 11 වැනිදා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි

ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5ක් වන අතර ඉන් රුපියල් මිලියන 123.9ක් ගිලන් රථ පහක් සඳහාද, තවත් රුපියල් මිලියන 57.6ක් ඒවාට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සඳහාද වැය කර තිබේ.

දියතලාව, වැලිමඩ සහ බණ්ඩාරවෙල මූලික රෝහල්වලට මෙන්ම කොස්ලන්ද සහ ලුණුගල ප්‍රාදේශීය රෝහල් වෙත මෙම ගිලන් රථ ලබාදී තිබේ.

මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර ඇතුළු දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.