මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගත යුතු ඉදිරි පියවර සහ මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන ඵලදායිව යෙදවීමේ අවශ්‍ය තාවය ජනපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ(06) ජනාධිපති කාර්යාලයේ පවතී සාකච්ඡාවකට එක්වෙමිනුයි. ගොවි ජනතාවගේ ජල ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දීමේ අරමුණින් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.
