පා .ම . හර්ෂණ රාජකරුණා

ණයවලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි ඊයේ ප්‍රතිව්‍යූහගත කෙරුණේ. සම්පූර්ණ ප්‍රශ්නේ විසදිලා නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් කියන්නේ මම තමයි හොඳටම කළේ කියලා.ණය ප්‍රතිව්‍යූහගතකරණයත් තනිකර ඊළඟ ජනාධිපතිවරණයට කැම්පේන් එකක් බවට පත්කරගෙන තියෙනවා.

අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනීකරණය කරන්න එපා කිව්වට, එතුමා මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තනිකර දේශපාලනීකරණය කරලා තියෙන්නේ .ඒක හින්දා ලැජ්ජයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා, මම කවදාවත් හිතුවේ නැහැ අපේ හිටපු නායකයා හැටියට මේ ණය ප්‍රතිව්‍යූහගතකරණයත් විකුණයි කියලා.

එදා රාජපක්ෂවරු කොහොමද යුද්දේ වික්කේ? අන්න ඒ විදිහටම අපේ රනිල් වික්‍රමසිංහ ජනාදිපතිතුමත් අද ණය ප්‍රතිව්‍යූහගතකරණය විකුණන්න පටන් අරන් තියෙනවා.

පා .ම . හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…