අප අත්විදගත් ස්වාභාවික වියසනය හේතුවෙන්, එළඹෙන පෙබරවාරි 4 දැන පැවැත්වෙන 78 නිදහස් සමරුව අප මේ දක්වා සැමරු සැමරුවකට වඩා වෙනස් විදියකට සැමරීමට අපට සිදුවෙතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ඊයේ (29) රජයේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
ආපදාවෙන් සිදුව ඇති විනාශය යථාවත් කරගෙන අපට අනාගත ලෝකය, අනාගත ශ්‍රී ලංකාව නිරමාණය කිරිම සදහා ප්‍රවේශයක් ගත හැකි බව මෙහීදී ඔහු පැවසීය.
එසේම ඔහු ඉල්ලා සිටියේ මේ වනවිට අප රටේ සියලු ජනතාව, අප රජය ගෙනයන මේ වැඩපිළිවෙලට සහයෝගය දෙමින් සිටින අතර එයට අප සියලු දෙනාගේ සහයෝගය ලබාදිය යුතු බවයි.
78 නිදහස් සමරුව අප රට ගොඩනැගිමේ සමාරම්භක අවස්ථාව ලෙස සලකමින් හැම දෙනා එකතුවෙමින් රට ගොඩනැගිම පටන් ගැන්මට දායක විය යුතු බවත් ඇමතිතුමා වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය.





