ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් “අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය” යන තේමා යටතේ පසුගිය 25 වන දින සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වූ අමාත්‍ය බිමල් රත්නායක, රියදුරන් අතර මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලදී.

ඔහු සඳහන් කළේ, රියදුරන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සහ මත්පැන්ට ගොදුරු වී ඇති අතර, එය රථවාහන ආරක්ෂාවට දැඩි අභියෝගයක් බවයි.
එසේම රියදුරන්ගේ අහඹු පරීක්ෂණ ක්‍රමය සමාජ අරමුණක් ලෙස ගෙන යාම වැදගත් බවත්, එය නොකළහොත් අනතුරු අඩු කිරීමට නොහැකි බවත් ඔහු අවධාරණය කරන ලදී.

අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, මේ පරීක්ෂණ වැඩසටහනේ ප්‍රථම අදියරේදීත් සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවයි.
වෛද්‍යවරුන් සහ තාක්ෂණික කණ්ඩායම් එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, රියදුරන්ගේ ආරක්ෂාව සහ ජනතාවගේ ජීවිත රැක ගැනීමේ අරමුණින් ඉදිරියට ගෙන යන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>