නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුද්ගලයාගේ නම, තනතුර හෝ ධනය සැලකිල්ලට නොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම නීතියට යටත්ව කටයුතු කළ යුතු බවය.
එසේම අතීතයේදී ඇතැම් පුද්ගලයන් නීතියට ඉහළින් සිටි බව පෙනෙන්නට තිබුණද, වර්තමානයේ සියලු දෙනා නීතියට යටත් විය යුතු බවද ඔහු පැවසීය.

රාජපක්ෂවරුන්ට එරෙහිව පළිගැනීමේ අරමුණින් කටයුතු කරන බවට විපක්ෂය නඟන චෝදනා ප්‍රතික්ෂේප කළ හංසක විජේමුණි, ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව අවධාරණය කළේය.

පළිගැනීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් ඒ සඳහා පසුගිය වසර දෙකක කාලය තිබූ බව සඳහන් කළ ඔහු, ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වන්නේ පසුබෑමට ලක්ව ඇති රට යළි ගොඩනැඟීම බවද ප්‍රකාශ කළේය.

පළිගැනීමක් සිදු කිරීම සඳහා පුද්ගල ලැයිස්තුවක් හෝ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>