ගල් අඟුරුවලට දඩමුදල නියම කර ඇත්තේ 2010 සිට 2015 දක්වා ගල් අඟුරු වලට ඇතිවුණු ප්‍රශ්ණ සහ ඒ ලබාගත් අත්දැකීම් අනුව බවත්, ඒ අනුව රජයට පාඩුවක් සිදුවී නැති බවත් ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ පසුගියදා පැවති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ වත්මන් කටයුතු පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදීය.
කිසියම් පාඩුවක් හෝ පරිසර හානියක් සිදුවී ඇත්නම් එවැනි කරුණු සලකා බලමින් මෙහිදි සිදුවන දඩ මුදල් පනවනු ලැබූ අතර පළමු නැවට ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් පනවනු ලැබු අතර, නැවක වටිනාකම පවා මිලියන 6 ක් බවත් මෙහිදී සදහන් කෙරිණි.
මෙවැනි විශාල දඩ මුදලක් නියම කිරිම නැවතත් එවැනි වරදක් නොකිරීමට පොළඹවන්නක් බවත් ප්‍රකාශකළ ඒ මහතා මේ මගින් රජයට කිසිදු පාඩුවක් සිදුවී නැති බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණකිරීම් හමුවේදී කරුණු දක්වමින් මහතා වැඩිදුරටත් තහවුරු කළේය.






