‘Walk for Peace’ සාම පා ගමනට ගෞරවය පළ කිරීම සඳහා මාර්ග දෙපස රැස්වන මහජනතාව මනා සංයමයකින් යුතුව කටයුතු කරන ලෙසත්, ගරුතර ස්වාමින්වහන්සේලා සහ දූත පිරිසට කිසිදු ආකාරයක බාධාවක් හෝ හිංසාකාරී ක්‍රියාවක් සිදු නොකරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීයි.
එසේම, ගරුතර ස්වාමින්වහන්සේලාගේ සහභාගීත්වයෙන් සිදුවන මෙම සාම පා ගමනට ආරක්ෂාව සැලසීම සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද පොලීසිය අවධාරණය කරයි.
මාර්ග දෙපස රැස්ව සිටින ජනතාව විසින් සාම පා ගමනට ගෞරවය පළ කිරීම විනයානුකූලව සහ සංයමයෙන් සිදුකරන ලෙසද නිවේදනය කර ඇත.
එහිදී මහා සංඝරත්නයට ආහාර, ජලය, මල් ආදිය පූජා කිරීම සිදු වන අතර, ඇතැම් ස්ථානවල කෙසෙල් කොළ අතුරා පාද ස්පර්ශය සඳහාද සූදානම් කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, සමහර ස්ථානවල තෙරපීම්, තල්ලු වීම්, අනවශ්‍ය වීඩියෝ සහ ඡායාරූප ගතකිරීම්, මෙන්ම “ආලෝකා” සුනඛයා ස්පර්ශ කිරීමට උත්සාහ කිරීම වැනි ක්‍රියා නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය පවසයි.
එබැවින්, සාම පා ගමනට බාධාවක් නොවන පරිදි විනයානුකූලව, සංයමයෙන් යුතුව කටයුතු කරමින් ගරුතර ස්වාමින්වහන්සේලාගේ ආරක්ෂාවට සහය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින ලදී.





