ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2035 වසර දක්වා ක්‍රියාත්මක වන ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී නැති බව වාර්තා වේ. ඉන්දුනීසියාවේදී පවත්වන ලද ICC විධායක මණ්ඩල රැස්වීමේදී මෙම අදාළ තීරණ ගෙන ඇති බව සඳහන් වේ.

එම තීරණවලට අනුව, ඉදිරි කාල සීමාව තුළ ආසියානු කලාපයට හිමිවන ප්‍රධාන තරගාවලි සත්කාරක අවස්ථා අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශය වෙත ලබා දී ඇත. ඒ යටතේ 2031 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ බංග්ලාදේශයට හිමි වී තිබේ.

මීට අමතරව, 2029 වසරේ පැවැත්වෙන ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී ඇති අතර, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය බංග්ලාදේශය වෙත පවරා ඇති බව වාර්තා වේ.