ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහි කරමින් 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (27) දින ආරම්භ වේ.
රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන උළෙල මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට සමගාමීව මැයි 27 සිට ජුනි 02 දක්වා කාලය “වෙසක් සතිය” ලෙස නම් කර ඇති අතර එහිදී ආගමික, සමාජීය සහ පරිසර වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇත.
ඒ අනුව මැයි 28 දා සෞඛ්‍ය වැඩසටහන්, 29 දා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 30 දා ශීල හා භාවනා පින්කම්, 31 දා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ජුනි 01 දා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ ජුනි 02 දා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමී පරිසර සංරක්ෂණ වැඩසටහන් පැවැත්වේ.
මෙවර වෙසක් සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර ඇත.
වෙසක් කලාප, තොරණ හා භක්ති ගී ප්‍රසංග පැවැත්වෙන ප්‍රදේශවල විශාල ජනකායක් එක්වනු ඇති බැවින් ආරක්ෂාව තර කර තිබේ.





