2022 වසරේ පැවති මහජන අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින්, අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.