වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, අදාළ නඩුව ඊයේ (19) කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුගිය මැයි 17 වැනිදා රාත්රියේ නාරාහේන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප් රථයට එල්ල වූ වෙඩි ප්රහාරයක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාළව අධිකරණය මඟ හරිමින් සිටි බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.





