එක්සත් ජාතික පක්ෂයේ සහය ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් ඉදිරියේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරක් ලබා දීම පිළිබද සලකා බැලිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා.

එසේම සමගි ජන බලවේගයේ එකදු මන්ත්‍රීවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ එක් නොවන බවද හෙතෙම පවසා සිටියේය. මන්ත්‍රීවරයා මෙම අදහස් කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.