”අවුරුදු නැකැත් අපේ සංස්කෘතියට අයිති දෙයක්, බංකොලොත් විපක්ෂය ඒකත් දේශපාලනයට යොදා ගන්නවා.”

ඊයේ (14) දින කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට පිහිටි ජාතික ජන බලවේගයේ කැලණිය ආසන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේ පැවති මහජන හමුවෙන් පසුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා මේ බව සඳහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කරන ලද්දේ පසු ගිය මාස 15 ක පමණ කාලය තුල ජාතික ජන බලවේගය රජය, කඩා වැටී තිබූ ආර්ථිකය සෑම අංශයකින්ම ශක්තිමත් කළ බැවින්, මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්වය හමුවේද ජනතාවට පීඩනයක් නොදැනෙන ලෙස ආර්ථිකය පවත්වාගෙන යා හැකි බවයි.

එහිදී කැලණිය ආසනයේ ජනතාවගේ පොදු හා පෞද්ගලික ගැටළු පිළිබඳ අවධානය යොමු කළ අතර ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් රැස්ව සිටියහ.