අද (09) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පශ්චාත් සීමාවවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ගැටලුව හා එය සම්බන්ධව සිදුකරන වැඩවර්ජනය පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට වෛද්‍යවරුන් 453ක් අතරින් 420ක් පත්වීම් සඳහා අයදුම් කර ඇති අතර ඉතිරිවූ අය සම්පූර්ණයෙන්ම රජයේ සේවයට ඇතුළත් නොවීමට තීරණය කළ බවයි.
එහෙත්, මෙම තත්ත්වය නොසලකා වැඩ වර්ජනයක් සිදු කිරීමෙන් රෝගීන් අසාධාරණ ලෙස අපහසුතාවයට පත් කරමින් සිටින බව එතුමා අවධාරණය කළේය.
ඉදිරියේදී පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ට නව සේවා ස්ථානවලට වාර්තා කිරීමට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය සහ මහජනතාව මඟින් ලබා දෙන බවත්, කිසිවෙකුට ඔවුන්ට බාධා කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම මෙම වැඩවර්ජනයේ පදනමක් නොමැති අතර, එය දේශපාලන අරමුණු සඳහා කුඩා කණ්ඩායමක් විසින් සිදු කරන ක්‍රියාවක් බවත් එතුමා ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





