වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සිදුකරන මේ වැඩවර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරන ලදී.
එතුමා සඳහන් කරන ලද්දේ, දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ උවමනාව හැර වෙනත් හේතුවක් නොමැති බවත්, සීමාවාසික පුහුණු අවසන් කළ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සඳහා රජය දැනටමත් කටයුතු කරමින් සිටින බවත්ය.
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ, සෙනසුරාදා දවල් 12ට අයදුම් කිරීම අවසන් වන අතර එම අවස්ථාවෙන් පසු කිසිදු අයදුම්පත පිළිගැනීම සිදු නොවන බවයි. අයදුම් නොකරන වෛද්‍යවරුන්ගේ රෝහල් සේවාද අවසන් වන අතර වැටුපද නතර වන බව ඔහු අවධාරණය කළේය.
එසේම වෛද්‍යවරුන් 453 දෙනෙක් බිල්ලට ගෙන ඔවුන් බිය වද්දා විකෘති සහගත තොරතුරු පැතිරවීමේ ක්‍රියාවලියක් වෛද්‍යවරුන්ගේ සංගමය මගින් සිදුකරන බවත්, එය අමානුෂික සහ අසාධාරණ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය ජයතිස්ස වෛද්‍යවරුන් හට අවධාරණය කරන ලද්දේ, කිසිදු තර්ජනයකට බිය නොවිය යුතු බවත්, එවැනි තර්ජන සිදු වූ විට වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කිරීමටත්, ඒ පිළිබඳව පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බවත්ය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>



