ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවත් සමග විවාදයක් අවශ්‍ය බව පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේදී අභියෝගයක් ඉදිරිපත් කළා.

අනතුරුව එම අභියෝග වලට ප්‍රතිඅභියෝගයක් ලෙස ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති විසින් ප්‍රකාශ කරනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක අතර අදාළ විවාදය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ නමුත් විවේචන සියල්ල හමුවේ දේශපාලන නායකයින් විවිධ අදහස් සහ චෝදනා ඉදිරිපත් කළා. ප්‍රසිද්ධ විවාදයක් තවමත් නොපවත්වා, පක්ෂ අතර බෝල පාස් කිරීමේ අරමුණ කුමක්ද? රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක් පවත්වන තුරු අපි නිරතුරු විමසිල්ලෙන්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>