මොනරාගල, හම්බේගමුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් ලක්ෂ විසිඑකකට අධික වටිනාකමකින් යුත් ගංජා පැළ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරයි.
ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
හම්බේගමුව ප්‍රදේශයේ ස්ථාන තුනක් ආවරණය වන පරිදි ඊයේ (14) දින මෙම වැටලීම් සිදු කර ඇති අතර, එහිදී පර්චස් 175ක පමණ විශාල භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැළ 32,310ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ක්‍රියාත්මක කරන දැඩි නීතිමය ක්‍රියාමාර්ග යටතේ අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ ගංජා වගාව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට අදාළ අංශ කටයුතු යොදමින් සිටියි.




