මෙරටදී නිෂ්පාදනය කළ ආයුධ කිහිපයක් සොයාගනී

අඟුලාන දුම්රිය ස්ථානය අසල පිහිටි නිවසක් පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ (25) මෙරට නිෂ්පාදිත ආයුධ තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් සහ ආයුධ තොගය කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදී ඇත.