අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් පුළුල් ලෙස දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) දිනයේ කැඳවා තිබේ. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අවස්ථාව සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහභාගී වීමට නියමිතව ඇත. මෑතකදී අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් මතුවී ඇති අතර, ඇතැම් පාර්ශ්ව විසින් අදාළ සැලැස්ම ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙසට ද ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ අනුරාධපුර නගර සැලැස්මෙහි සැබෑ ස්වභාවය සහ ඉදිරි පියවර පිළිබඳව මාධ්‍ය මඟින් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර ඇති බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.




