දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ගබඩාවක අද ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයට යොමු කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිදුවූ හානිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වේ.