යල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා අවශ්ය සූදානම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) ජනාධිපති කාර්යාලයේදී නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
මෙහිදී පසුගිය යල කන්නයේ මිලදී ගත් වී තොග ප්රමාණවත් ලෙස වෙළෙඳපොළට නිකුත් නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ගබඩාවල පවතින වී තොග නිදහස් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ඉදිරි යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්ය මුදල් ප්රතිපාදන කඩිනමින් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්යාංශයට උපදෙස් ලබා දී ඇත.
අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ප්රමාණවත් ආරක්ෂිත වී තොග පවත්වා ගැනීමේ අවශ්යතාවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම දිස්ත්රික් මට්ටමේ ගබඩා පහසුකම්, පවතින වී තොග සහ ගබඩා ධාරිතාව පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කමද පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමගින් අනාගතයේදී මතුවිය හැකි ගැටලු කල්තබා කළමනාකරණය කළ හැකි බව සඳහන් කළේය.





