යල කන්නයේ වී නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වී මිලදී ගැනීමේ මිල සහ ගොවීන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ආණ්ඩුව අවධානය යොමු කර ඇති බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
අද (24) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම සහ කුඹුරු වගා කටයුතු සඳහා වන වියදම් වැඩිවීම හේතුවෙන් යල කන්නයේ වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.
ඔහු පැවසුවේ, වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීමේ මිල ඉහළ දමන්නේද, නැතිනම් ගොවීන්ට වෙනත් සහනයක් ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මේ වන විට අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි දින කිහිපය තුළ ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.
වී මිල ඉහළ දැමීමෙන් සහල් මිලද ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් පාරිභෝගිකයන්ට අමතර බරක් ඇති නොවන අයුරින් තීරණ ගැනීමට අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවියාට නිෂ්පාදන පිරිවැය ආවරණය වන සාධාරණ ආදායමක් ලබාදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත්, ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරන බවත් ලාල් කාන්ත මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>





