ඉන්දීය ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන නිවාස 4700ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ආපදා අවදානම් සහිත බවට හඳුනාගත් පවුල් සඳහා නිවාස 2026ක් ලබාදීමට නියමිත අතර, ඉතිරි නිවාස වතුකරයේ සේවය කරන ජනතාව සඳහා වෙන් කෙරේ.
එක් නිවසක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් වෙන්කර ඇති බව සඳහන් වේ.
ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් කඩිනමින් නිදහස් කිරීම සහ සුදුසු ඉඩම් හඳුනා ගැනීමේ කටයුතු වේගවත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.
මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.





