සුරේෂ් සලේ මහතා රඳවා සිටි ස්ථානය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සත්ය නොවන බව අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඊයේ (23) පැවති කැබිනට් මාධ්ය හමුවේදී අදහස් දක්වමින් අමාත්යවරයා සඳහන් කළේ, ඔහු රඳවා සිටි කාමරය විශේෂයෙන් සකස් කළ එකක් නොවන අතර එය මීට පෙරද භාවිතයට ගත් සාමාන්ය කාමරයක් බවයි.
සුරේෂ් සලේ මහතාට අවශ්ය වෛද්ය ප්රතිකාර සහ පෝෂණය ලබාදෙමින් සිටින බවත්, මේ වන විට ජාතික රෝහලේ ප්රතිකාර ලබන ඔහුට නාසය හරහා ආහාර ලබාදෙන බවත් අමාත්යවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සලේ මහතාගේ සෞඛ්ය ගැටලුවට හේතුව ආහාර ලබා නොදීම නොව, ඔහු ආහාර ගැනීම ප්රතික්ෂේප කිරීම බවයි.
මෙවැනි තත්ත්වයකදී විවිධ උද්ඝෝෂණ, මාධ්ය සාකච්ඡා හෝ වෙනත් ක්රියාකාරකම් සිදු කිරීමෙන් ගැටලුව විසඳිය නොහැකි බව පැවසූ අමාත්යවරයා, ඔහු ආහාර ගැනීමට පෙළඹවීම වඩාත් වැදගත් බවද අවධාරණය කළේය.
සම්පූර්ණ ප්රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>





