කඩවතදී පොලිසිය ත්රිරෝද රථයකට වෙඩි තැබීමෙන් 16 හැවිරිදි දරුවකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ.
ත්රිරෝද රථය පැදවූ බව කියන 17 හැවිරිදි තරුණයා කඩවත පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
කඩවත මහකඩේ හන්දිය ආශ්රිත ප්රදේශයේදී ඔක්තෝබර් 31 වැනිදා පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබිණි. පොලිසිය පවසන්නේ, ත්රිරෝද රථය නවත්වන ලෙස සංඥා කළද රියැදුරු එය නොනවත්වා ධාවනය කළ බවයි.
වෙඩි තැබීමෙන් රථයේ පිටුපස අසුනේ ගමන් කළ 16 හැවිරිදි දරුවකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ. දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය ප්රකාශ කරයි.
සිද්ධියෙන් පසු එම ස්ථානයෙන් ඉවත්ව ගිය ත්රිරෝද රථය ගෝනහේන ප්රදේශයේදී පොලිසිය සොයාගෙන ඇත. වලංගු රියැදුරු බලපත්රයක් නොතිබීම හේතුවෙන් රියැදුරු රථය නොනවත්වන්නට ඇතැයි මූලික විමර්ශනවලදී සැක පළ වී ඇති බව ද පොලිසිය උපුටා දක්වමින් වාර්තා වේ.
සිද්ධියෙන් පසු සමාජ මාධ්ය ඔස්සේ ප්රකාශයක් කළ පොලිසිය, නීතිගරුකව කටයුතු කර අපරාධ සහ මත්ද්රව්ය මර්දනයට සහයෝගය ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.





