ඊයේ (10) දින පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ රජයේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා විසින් තෙල් මිල වැඩිවීමට හේතු සහ ඒ සදහා රජය ගන්නා පියවරයන් පැහැදිලි කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ ලෝක වෙළඳපොළේ බොර තෙල් සහ පිරිපහදු තෙල් මිල ඉහළ යාමත් සමග, රජය තෙල් ආනයනයේදී අමතර ගාස්තු සහ ලාභය ඇතුළත් ගණන් සැලසුම් කළ බවයි.

නවතම ඇනවම් කිරීමේදී ගොඩබාන දිනවල තිබෙන සාමාන්‍ය මිල මත ගණන් සකස් කරන බවත්, එමගින් මිල වැඩිවීම අත්‍යවශ්‍ය වූ බවත් පසුගිය දිනවල තෙල් පරිභෝජනය ද දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් එබැවින් රටේ තෙල් සංචිත අවසන් වී, අලුත් තොග ගෙන්වීමට සිදු වූ අතර ඒවා වැඩි මිලට ගෙන්වීමට සිදු වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

එතුමා වැඩිදුරටත් පැවසූයේ, මේ සියලුම හේතු මත තෙල් මිල වැඩි කිරීමට සිදු වූ බවත්, නමුත් ආර්ථිකයට දැඩි බලපෑමක් නොවීමට විශාල මිල වැඩි කිරීමක් නොකර, සීමිත ප්‍රමාණයකින් වැඩි කළ බවත්ය.

වැඩිදුර විස්තර අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>>