ලෝක වෙළඳ පොළේ ඇති අවිනිශ්චිතතාවය නිසා තෙල් මිල නිරන්තරයෙන් උච්චාවචනය වෙමින් තිබෙන බව ජනපති ප්‍රකාශ කරයි.

මේ සඳහා රක්ෂණ ගාස්තු වැඩිවීම සහ ඇතැම් ටෙන්ඩර් අවලංගු වීමත් බලපා ඇති බවද සඳහන් කරන ලදී.

එතුමා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (10) දින පැවති තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) 2026 වාර්ෂික මහ සභා රැස්වීම සඳහා එක්වෙමිනි.

ඉදිරියට තෙල් මිල තවදුරටත් ඉහළ යාම සම්බන්ධයෙන් නිශ්චිතව කිව නොහැකි නමුත් රජය උපරිම මාස දෙකක් සඳහා බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දීමට වගබලා ගන්නා බව එතුමා මෙහිදී අවධාරණය කළේය.

රජය තෙල් මිල වැඩි කිරීමෙන් ලාභ ලබා ගැනීමක් අපේක්ෂා නොකරන බව අතර, ජනතාවට අඛණ්ඩ බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම තම වගකීම බවත් මේ සඳහා අවශ්‍ය මූලික උපායන් සියල්ල සකස් කර ඇති බවත් අර්බුදය ජය ගැනීමට ජනතාව සංයමයෙන් ක්‍රියා කළ යුතු බවත් එතුමා ප්‍රකාශ කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>