දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම හානියට ලක් වූ ආයතන අතර මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ බව ප්‍රවාහන අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ රඹුක්කන සිට නුවර දක්වා වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97කට දැඩි හානි සිදුව තිබූ අතර, ඉන් ස්ථාන 92ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි. ඉතිරි ස්ථාන පහ සඳහා විශේෂ තාක්ෂණික සැලසුම් සහ සමීක්ෂණ අවශ්‍ය වන බැවින් අදාළ කටයුතු සඳහා වැඩි කාලයක් ගතවන බවද ඔහු පැවසීය.
ප්‍රවේශ වීමේ දුෂ්කරතා හේතුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ දුම්රිය මාර්ගය ඔස්සේම ප්‍රවාහනය කිරීමට සිදුවන බවත්, එයද ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීමට බලපා ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම වසර අවසන් වන විට නුවර දක්වා වූ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, අනෙකුත් හානියට ලක් වූ කොටස්වල සැලසුම් කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න.>>>>>>>>





