නිවාස කුලී ආරවුලක් මත නිවෙස් හිමියා විසින් ගිනි තැබීම හේතුවෙන් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලයේ එකම පවුලේ මවක් සහ දියණියක් එම ස්ථානයේදීම පිළිස්සුම් තුවාල සහිතව මියගොස් ඇති අතර
බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ හතලිස් හැවිරිදි (46) පියා හා නිවසේ හිමිකරු වන හැත්තෑ හය වියැති (76) පුද්ගලයෙකු රෝහල් ගත කර ඇත අතර එයින් ගිනි තැබූ නිවෙස් හිමියා අද උදෑසන මියගොස් ඇති බව මහරගම පොලිසියේ සඳහන් කරයි මහරගම පොලීසිය සඳහන් කරයි.
මිය ගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබ සාධක මාවතේ, දෙවන පටුමග අංක 17/2 දරන නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි පනස්පස් හැවිරිදි (55) එච්.බ් රත්නකාන්ති වික්‍රම ආරච්චි සහ ඇයගේ දියණිය වන දහසය(16) හැවිරිදි එස්. තත්සරණි රත්නායක දැරියයි.





