ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ එම නඩුව සමාජයේ යුක්තිය පිළිබඳ විශාල අපේක්ෂාවක් ඇති කළ නඩුවක් බවය.

පාස්කු නඩුවේ චෝදනා 23,000ක් පමණ සහ සාක්ෂිකරුවන් 3,000ක් පමණ සිටින බවත්, නඩුව අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු මෙහිදී සඳහන් කරන ලදී.

එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරයාට අභියාචනාධිකරණයට උසස්වීමේ අවස්ථාවක් පවතින බැවින්, නඩුවේ අවසන් අදියර සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>