ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් වත්මන් රජය පසුගිය මාස 18ක කාලය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රකාශ කරන ලදී.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන එය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සංඥා භාෂාව සම්බන්ධ පනත් කෙටුම්පතක් සකස් කර ඇති අතර, එය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී

එසේම අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා දීමනා ලබාදීම, අවශ්‍ය උපකරණ සැපයීම සහ නිවාස ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා ලබාදීමටත්, ප්‍රවාහන ක්ෂේත්‍රයේදී ප්‍රවේශ පහසුකම් සහිත බස් රථ හඳුන්වාදීමටත් පියවර ගෙන ඇති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>