අද (06) දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අමාත්‍ය සුනිල් වටගල අමාත්‍ය නාමල් රාජපක්ෂ හට අභියෝගයක්ද කළේය.

ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගිය වසරේ සැප්තැම්බ‍ර් මසදී තමන් ප්‍රකාශයකින් නාමල් පාතාලයට සම්බන්ධයි කියලා තියෙනවයි ‍යැයි පවසමින් තමන්ට එන්තරවාසියක් එවූ බවත් එය සනාථ කරමින් පසුගිය දිනෙක ඔහුව CID වෙත කැදවූයේ කෙහෙල් බද්දර පද්මෙට සම්බන්ධ දැයි විමසීමට බවත් පවසමිනි.

”ඉතින් 9/22 එන්තරවාසී යවලා අද 2026 පෙබරවාරි මාසේ අවසන් වෙමින් යනවා. අද වෙනතුරු නඩුවක් දැම්මේ නෑ නාමල් රාජපක්ෂ මට විරුද්ධව. ”

මෙහිදී එතුමා විසින් අමාත්‍ය නාමල් හට ඉක්මනින් නඩුව දමන ලෙසත් එවිට CID පරීක්ෂණද සමග තමන්ට නඩුව ඔප්පු කළ හැකි බවත් පවසන ලදී.

එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක.>>>>>>