”මම අහන්නේ මෙතුමන්ලා නෙවෙයි නම් කවුද ප්‍රතිසංස්කරණ එපා කියලා විරෝධතා සංවිධානය කරේ? කතරගම දේවාලයට ගිහිල්ලා ප්‍රතිසංස්කරණ එපා කියලා පොල් ගැහුවේ කවුද?”

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව විපක්ෂයේ ක්‍රියාවලීන්ද සඳහන් කරමින් ප්‍රතිසංස්කරණ තුළින් අසභ්‍යකරණයක් සිදු වූ බව විපක්ෂ නායකතුමා පවා පැවසූ නමුත් අසභ්‍යකරණය සිදු වූයේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙසත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියාය.

එසේම පාර්ලිමේන්තුවේදී කරුණු මත සංවාද කිරීමට ඔවුන්ටද අවශ්‍ය බවත් සත්‍ය කරුණු මත නිවැරදි කිරීම කරගත යුතු තැන්වල රජයේ ප්‍රතිපත්තිවල ඒවා නිවැරදි කර ගැනීමටත් අවශ්‍ය බව මෙහිදී සඳහන් කරන ලදී.

එතුමිය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලද්දේ ගරු සභාව තුළ සිදුවන සංවාද වැදගත් නමුත් එසේ නොකර විවිධ කාරණා ඔහේ ප්‍රකාශ කරමින් ‍යාම සාධාරණ නොවන බවයි.

එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක.>>>>>>