අප රටක් ලෙස මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ විශාලතම සහ අභියෝගාත්මක ස්වභාවික ව්‍යසනයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
රටේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන ධෛර්යය සමඟ එක්ව නැවත මේ රට ප්‍රතිනිර්මාණය කළ හැකි බවට ඒකාන්තයෙන් ම විශ්වාස කරන බව, අද (30) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟන බවද, මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
මෙම සාමූහික ප්‍රයත්නය සඳහා පටු වාද භේදවලින් තොරව එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන අතර, ජාතික සහ ජාත්‍යන්තර වැඩපිළිවෙළක් ඔස්සේ, මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘද සාක්ෂියට අනුව අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට කැපවෙමු යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.
මෙම අඳුරු දිනයන් පහව යන තෙක් අපි ඒකමතිකව නැගී සිටිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.





