පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද (08) පෙරවරුවේ ජනතාවට විවෘත කරන ලදී. රුපියල් මිලියන 424ක පිරිවැයකින් “ක්ලීන් ශ්‍රී ලංකා” සංකල්පය යටතේ, ප්‍රවාහන අමාත්‍යාංශය, කොළඹ මහනගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් මෙම වැඩසටහන කාලයට පෙර නිම කරන ලදී.
දිනකට මගීන් 75,000ක් සහ බස් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නවීන පහසුකම් සකස් කර ඇති අතර, බිම් මහල බස් මෙහෙයුම් සඳහා, පළමු මහල රියදුරු සහ කොන්දොස්තර නවාතැන්, අලෙවිසැල් සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා, දෙවන මහල කාර්යාල, ශ්‍රවණාගාර සහ පාසල් සිසුන්ගේ නවාතැන් සඳහා වෙන් කර ඇත. CCTV පද්ධතියක් සහ ඩිජිටල් තොරතුරු මධ්‍යස්ථානයක් මගින් ආරක්ෂාව සහ මගීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමත් සකස් කර ඇත.
අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙය මහජන උනන්දුවෙන් පිරුණු ව්‍යාපෘතියක් බවත්, ජනතාවගේ වගකීමෙන්ම එය රැක බලා ගත යුතු බවත් අවධාරණය කළේය. නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා දින 200ක් තුළ සිදු කළ නව පරිවර්තනය හුදෙක් තීන්ත ආලේපයක් නොව, සම්පූර්ණ පද්ධතිමය වෙනසක් බවත් පැවසීය.
මෙම නවීකරණය මගින් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීමත්, සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පහසුකම් ඉහළ නංවීමත් සිදු කර ඇති අතර, ජනතාවට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කර තිබේ.




