රටේ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේදී දේශපාලන සම්බන්ධතා නොසලකා අවශ්‍යතාවය පමණක් සලකා කටයුතු කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා ප්‍රකාශ කරන ලදී.
මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් සඳහා මීට පෙර පිහිනුම් තටාකයක් නොතිබූ නමුත්, වසර එකහමාරක් ඇතුළත එවැනි පහසුකමක් ඉදිකිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
යාපනය නගරයේ ඉන්ඩෝර් ක්‍රීඩාංගණයක් නොතිබූ තත්ත්වයක් යටතේ එය ඉදිකිරීම ආරම්භ කළ බවත්, ඒ සඳහා ඇතැම් පාර්ශ්වවලින් විරෝධතා සහ නීතිමය බාධා පවා එල්ල වූ බවත් ඔහු පැවසීය.
එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පාසල් දරුවන්ට ක්‍රීඩා පුහුණුව සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මුලතිව් ප්‍රදේශයේ පාසලකට ක්‍රීඩා උපකරණ අවශ්‍ය බව පවසමින් විදුහල්පතිවරයෙකු කිලෝමීටර් 20ක් පමණ දුර ගෙවා පැමිණි සිදුවීමක්ද ඔහු සිහිපත් කළේය.
දරුවන්ට සතුටින් ජීවත්වීමට ක්‍රීඩාව වැදගත් වන බැවින්, ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වර්ධනය කිරීම සඳහා රජය පුළුල් මැදිහත්වීමක් සිදුකරන බවද සුනිල් ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>




