ප්‍රදේශවලට හා ජනතාවගේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් ලබාදීමේ අරමුණින් ප්‍රජාශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පැවසීය.

ඔහු සඳහන් කරන ලද්දේ චීනය දශක කිහිපයක් තුළ විශාල ජනතාවක් දුප්පත්කමින් මුදාගැනීම සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන් ආදර්ශයට ගනිමින් ප්‍රජාශක්ති වැඩසටහන ආරම්භ කළ බවය.

අතීතයේදී කුකුළු පැටවුන්, ගව පැටවුන් හෝ පොල් පැළ වැනි දෑ රට පුරා එකම ආකාරයෙන් බෙදාදීමෙන් දුප්පත්කමට සාර්ථක විසඳුමක් ලබාදිය නොහැකි වූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එක් එක් ප්‍රදේශයේ පවතින තත්ත්වයන් හා ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ආධාර හා ප්‍රතිපාදන ලබාදීමේ වැදගත්කම අවධාරණය කළේය.

ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්, නාගරික මන්ත්‍රීවරුන් සහ ප්‍රජා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ප්‍රජාශක්ති කමිටු පිහිටුවා, ප්‍රදේශ මට්ටමින් අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවද ඔහු පැවසීය.

ප්‍රජාශක්ති වැඩසටහන තවමත් ආරම්භක අදියරේ පවතින බවත්, එය ඉදිරියට ගෙනයමින් 2030 වන විට දුප්පත්කම තුරන් කිරීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන බවත් නජිත් ඉන්දික වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>