තරුණයන්ට අනාගත අපේක්ෂා සාක්ෂාත් කර ගත හැකි ක්‍රියාවලියක් එක්සත් ජනරජ පෙරමුණෙන් ඉදිරිපත් කරන බව එහි තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා පවසයි.

නීති සහ ප්‍රතිපත්ති සැකසීමේදී තරුණ ප්‍රජාව කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර තරුණයන්ට පාලන තන්ත්‍රයට සම්බන්ධ විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි. තරුණ ප්‍රජාවට බලපාන හඳුනාගත් ගැටලු රැසක් පවතින අතර ඒවා ප්‍රධාන සාධක හයක් යටතේ වර්‍ග කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය පියවර ගෙන ඇත.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා තරුණයන්ගේ හැකියා සහ දක්ෂතා පිළිබඳ නිවැරදි අවබෝධයක් සහිත පුද්ගලයෙකු බව තීක්ෂණ ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අදහස් ඔහු ප්‍රකාශ කළේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණු තරුණ සමුළුව අමතමිනි.