මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොනුකර ඇති ඩේසි ෆොරස්ට්, එම නඩු විභාගයට පෙනී සිටීමට සුදුසු මානසික තත්ත්වයක සිටින්නේද යන්න පරික්ෂා කිරීම සඳහා ඇය අද (11) කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අය නඩුවකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි අද (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා විසින් ඊයේ (10) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබුණා.





