විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් කිරීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එදින පාර්ලිමේන්තුවේදී පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අරුණි රණරාජා මහත්මිය එම ධුරයට පත් වුවහොත්, අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙය වනු ඇති බවද වාර්තා වේ.

